ජනශක්ති පොසොන් ඉතුරුම් උදානයේ ඉලක්ක සාර්ථකව සපිරෙයි.
- 2019-10-30
- Hambantota
තම සමාජික පවුල් බලගැන්වීමේ හා ඔවුන්ට පොහොසත්කම අත් කිරීමේ ජන ශක්ති ව්‍යාපාරයේ මූල්‍ය සේවාවේ ප්රයත්න තුනකි.
1.සකසරුවම්, ඉතුරුම් වර්ධන නැංවීම හා මූල්‍ය සාක්ෂරතාව දිළිඳූ පවුල් වෙත ළඟා කිරීම මූලික උත්සහයයි.
2.සමාජිකයන්ගේ සමූහ ශක්තිය ඒකරාශි කර සමාජික ඉතුරුම් මත ප්‍රාග්ධන අරමුදලක් ගොඩනගා, ජීවන මාර්ග හා වෙනත් මූලික අවශ්‍යතා සඳහා ආයෝජන ණය සම්පාදනය දෙවැනි ප්රයත්නයයි.
3.සාමාජික පවුල් මුහුණ දෙන ආපදාවන්ට ගත් ණය යොදා අරඹන ව්‍යාපාරවලට සිදු වන අනතුරු, විපත් හා හානි නිසා සාමාජික පවුල හා ව්‍යාපාරය බිද වැටීමෙන් බේරා ගැනීම අරමුණු කර ගත් ශුද්‍ර රක්ෂණ ක්‍රමය තුන් වැනි ප්රයත්නයයි.
මින් පළමු වන අභිමතාර්ථය වූ ඉතුරුම් හා සකසුරුවම සාමාජික පවුල් අතර පුරුදු ප්‍රගුණ කිරීමටත් සමාජික පවුල් ඊට යොමු කිරීමටත් පෙළඹවීම හා දිරිගැන්විම සඳහා විටින් විට ඉතුරුම් කිරීමට උනන්දු කිරීමේ සුවිශේෂි උත්කර්ෂවත් අවස්ථා හදුන්වා දෙනු ලැබේ. ඒ අනුව පොසොන් ඉතුරුම් මාසය ද සාමාජික ඉතුරුම් සඳහා දිරිගැන්වෙන සේ ත්‍යාග පිරිනැමීම තුළින් සාමාජිකාවන් වැඩි වැඩියෙන් ඊට යොමු කිරීම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.
අපගේ දිළිදු සමාජිකාවන් වෙත ඉතුරුම් කිරීමේ විභවතාව ඇත්තේ පහත් හා ඌන මට්ටමකය. ඉන් සාමාජික පවුල් මුදවාලීමට ඉතුරුම් කිරීමට පොළඹවනු ලබන පොසොන් ඉතුරුම් උදානය වැනි උත්සහයන් ප්‍රතිඵලදායක වේ. මෙවර පොසොන් ඉතුරුම් උදානය සාධනීය ඉලක්කවලට ලඟාවීමට සමත් වී ඇත.
පොසොන් ඉතුරුම් දිරිගැන්වීම් වැඩසටහන බැංකු සංගම් 99 ම සම්බන්ධ වූ අතර එම කාල සීමාව තුල සාමාජිකාවන් 3425 දෙනෙක් රැස් කළ මුළු මුදල රු. 12705963 කි. ඉන් මුල් පෙලට ඉතුරුම් කළ බැංකු සංගම් පිළිබඳ විස්තර පහත දැක්වේ.
දිස්ත්‍රක් මට්ටමින් තේරී පත් වූ බැංකු සංගම්
බැංකුවේ නම | ස්ථානය | මුදල | සාමාජික ගණන |
---|---|---|---|
ජූලම්පිටිය | 1 | 632623 | 40 |
දෙහිගහලන්ද | 2 | 316881 | 100 |
මීගහජදුර | 2 | 224549 | 58 |
හම්බෙගමුව | 2 | 696823 | 39 |
බෙලිඅත්ත | 2 | 257929 | 119 |
ශ්‍රේණි අනුව තේරී පත් වූ බැංකු සංගම්
ශ්‍රේණිය | බැංකුවේ නම | ස්ථානය | මුදල | සාමාජික ගණන |
---|---|---|---|---|
විශිෂ්ඨ. අධි. අධි1 | දෙහිගහලන්ද | 1 | 316881 | 100 |
ඒ ශ්‍රේණිය | ජූලම්පිටිය | 1 | 632633 | 40 |
බී ශ්‍රේණිය | ගන්නොරුව | 1 | 316881 | 50 |
සී / ඩී | සීනුක්කුව | 1 | 297824 | 61 |
ඒකාබද්ධ | බෙලිඅත්ත | 1 | 257929 | 119 |
දිස්ත්‍රික් මට්ටමින් තේරී පත් වූ කලාප
කලාපය | ස්ථානය | මුදල | ගිණුම් ගණන |
---|---|---|---|
ගන්නෝරුව කලාපය | 1 | 1105186 | 208 |
බැරගම කලාපය | 2 | 768261 | 259 |
වලස්මුල්ල කලාපය | 3 | 996098 | 133 |
බෙලිඅත්ත කලාපය | 3 | 355669 | 181 |
ප්‍රියංගිකා කවිරත්න
සජීවීකරණ අංශ කළමනාකාරීණී
2018 ජනශත්කි බැංකු සංගම් අර්ධ වාර්ෂික විගණනය නිමයි. කාර්යක්මතාව සහ ඵලදායීතාව ඉහල යයි.
2018-06-30 දින විගණන වාර්තාව අනුව මතු කෙරෙන එක් සුවිශේෂි කරුණක් වන්නේ ජනශක්ති බැංකු ව්‍යාපාරය තුල අඛන්ඩ වර්ධනයක් සිදු වන බවයි. එක් එක් බැංකු සංගම් ගත්තත් සමස්ථ බැංකු සංගම් ජාලය ගත්තත් සමාජික ගණන, ණයකරුවන් ගණන, සංසරණය වන ණය ප්‍රමාණය වර්ධනයක් ද අවධානම් ණය ප්‍රතිශතයේ පහළ යාම හා ලාභ මට්ටම ඉහළ යාම දෙස බලන විට වැඩසටහන මුහුණ දෙන ප්‍රධාන ගැටළුව කාර්ය මණ්ඩලයේ සංචලනයයි. නිතර නිතර කාර්ය මණ්ඩලයේ පිරිස ඉවත්වීමත් නව ප්රවේශකයන් බඳවා ගැනීමත් සිදු වේ.එය මානව සම්පත් වෙළෙඳපොළේ පවතින ගතික තත්වයකි. ඉහළ උද්දමනයක් සහිත රටක ඉහළ වැටුප් මට්ටම් හඹායෑමට පෙළඹීම පාලනය කළ කොහැකිය. බොහෝවිට ජනශක්ති බැංකු සංගම්වලට පාසල් හැර යන ආධුනකයින් බඳවා ගැනීමට සිදු වන අතර පුහුණුව ලබා කුසලතා වර්ධනය කරගත් මට්ටමට එනවිට ඔවුන් ඉහල අවස්ථාවන්ට විතැන්වීම වළකාලිය නොහැකිය. එය සමස්ථ වැඩසටහනේ කාර්යක්ෂමතාවයට හා ඵලදායීතාවයට යම් බලපෑමක් කරන බැව් පෙනේ.
2017/06/30 ලාභ තත්ත්වයට වඩා 2018/06/30 ට බැංකු සමාගම් වල ලාභ තත්වයන් විඩීවීමක් දක්නට ලැබෙන බැංකු සමාගම් 33 කි.
- >2018/06/30 ලාභ වලින් වැඩිම ලාභයක් උපයා ඇත්තේ සේනපුර ජනශක්ති බැංකු සංගමයයි 1246786
- >දෙවන ස්ථානය ගොඩවාන ජනශක්ති බැංකු සංගමයයි 1102497
- >තෙවන ස්ථානය සපුගහයාය ජනශක්ති බැංකු සංගමයයි 1017585
2017/06/30 කොටස් මුදල් මිලියන 137 කි. 2018/06/30 මිලියන 151 ගිය වසරට වඩා මෙම වසර මිලියන 13 කින් වැඩි වී ඇත.
- >මුළු ඉතුරුම් 2017/06/30 මිලියන 954 යි 2018/06/30 මිලියන 1054 මිලියන 100 කින් වැඩි වී ඇත.
- >සංසරණය වන ණය 2017/06/30 ට මිලියන 930 යි 2018/08/30 මිලියන 952 මිලියන 22 කින් වැඩි වී ඇත.
- >ගණුදෙණු 2017/0630 ට 123666 යි 2018/06/30 129642 මෙවර 5976 නික් වැඩි වීමකි.
2018-06-30 ට ජනශක්ති බැංකු සංගම් 99 අතරින් ඉහළම ලාභ මුදලක් ලැබූ බැංකු සංගම් 10
බැංකු සංගමය | ලාභය 2017/06/30 | ලාභය 2018/06/30 |
---|---|---|
සේනපූර | 1025304 | 1246786 |
ගොඩවාය | 1069995 | 1102497 |
සපුගහයාය | 799722 | 1017585 |
එලල්ල | 712297 | 917975 |
විහාරගල | 712297 | 917975 |
ඉදගිරිය | 675052 | 742892 |
කිරින්ද | 582452 | 683574 |
වල්ගම්එළළිය | 587001 | 652517 |
කදුරුපොකුණ | 533364 | 614989 |
හොරේවෙල | 492194 | 560410 |