



හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමය 27වන සංවත්සරය අභිමානයෙන් සමරයි.
- 2019-12-29
- හම්බන්තොට
1989 වර්ෂයෙන් ආරම්භ වී 74000ක සාමාජිකත්වයකින් යුත් හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමය හම්බන්තොට සිංගප්පූරු සම්මන්ත්රණ ශාලාවේ දී 27වන සංවත්සරය දෙසැ. 29 වන දින අභිමානයෙන් සැමරීය. අග්‍රාමාත්‍ය ජේ්‍යෂ්ඨ උපදේශක ජේ. චරිත රත්වත්ත මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. මෙහිදී නව විධායක කමිටුව තෝරාපත් කර ගැනීම, මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීම, වාර්ෂික වාර්ථාව චරිත රත්වත්ත මැතිතුමාට පිළිගැන්වීම,සම්මාන හා ත්‍යාග ප්රදානය මෙහිදී සිදුවිය. මේ සදහා ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.