

හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමයට නීතිමය ස්වාධිනතා බලය (LegalAutonomy) ලැබේ.
- 2018-06-12
- හම්බන්තොට
අඩු ආදායම්ලාභී ගණුදෙණුකරුවන් ලක්ෂයක පිරිසක් සමඟ මූල්‍ය හා මූල්‍ය නොවන සේවා වල යෙදී ඇති හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමය 1989 සිට අද වන තෙක් වුයේ L-31301 අංක දරණ සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිය ලත් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙසය. මේ නිසා එයට ඉතුරුම් රැස් කිරීම හා ණය දීම වැනි සුළු මුල්‍ය සේවාවන්හි යෙදීමේ නීතිමය බාධාවක් උද්ගතව පැවතුණි. එහෙත් 2016 අංක 06 දරණ සුළු මූල්‍ය රාජ්‍ය නොවන සංවිධාන පනත යටතේ නීතියෙන් නියම කළ ප්‍රමීතින් හා නිර්ණායකයන් සපුරා ඇති රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස පිළිගෙන අංක MFN 006 හා 2018.06.12 දින යටතේ ලියාපදිංචි කර ඉතුරුම් රැස් කිරීම හා ණය යෙදීම වැනි සුළු මූල්‍ය සේවාවල නියැලීම හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමයට නෛතිකව බලය ලබා දී ඇත. මෙම අවස්ථාව හම්බන්තොට කාන්තා සංවර්ධන මහා සංගමයට පමණක් නොව දිවයිනේ අවශේෂ රාජ්‍ය නොවන සංවිධාන රැසකට ද ලැබී ඇති විශේෂ නීතිමය බලයකි. මේ මඟින් දිළිඳු ජනයාටම අයත් ඔවුන් විසින්ම ක්‍රියාත්මක කරන ඔවුන්ගේම ආයතනයක් වූ කාන්තා සංවර්ධන මහා සංගමයට මෙම නීතිමය බලය හිමිවීම නිසා ගිනි පොලිකරුවන්ගේ හා අතරමැදියන්ගේ දුරාකෑම්වලින් හා වෙනත් සමාජ අසාධාරණයන්ගෙන් මිදී මූල්‍ය සේවා ළඟා කර ගැනීමටත් යුක්තිය පසිඳලීමේ අධිකරණ ආයතන වන උසාවි ඉදිරියේ අදිනව පෙනී සිටීමටත් දිළිඳු මව්වරුන්ට මහත් බලයක් ලැබී ඇත.
ඉහත සඳහන් සුළු මූල්‍ය පනත අනුමත කරගෙන ක්‍රියාත්මක කිරීමට මෙරට ප්‍රකට සමාජ සංවර්ධන ක්රියාධාරකයකු වූ ජේ.චරිත රත්වත්ත මහතාගේ උත්සහය අගය කරමු. එමෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ශාඛ්‍ය නානායක්කාර මහතා ද මෙම ලියාපදිංචිය ශුද්‍ර මූල්‍ය සේවාවේ නියැලී රාජ්‍ය නොවන සංවිධාන වෙත ලබාදීමට මහත් වෙහෙසක් ගත් බව මෙහි සටහන් කළ යුතුය. එමෙන්ම මෙම ශුද්‍ර මූල්‍ය පනත සම්මත කර ගැනීමටත් අප ආයතනයට එම බලය ලබා ගැනීමටත් ජාතික මට්ටමින් මහත් වෙහෙසක් ගත් සුවිශේෂි කෙනෙත් වූයේ කාන්තා මහා සංගමයේ බුද්ධි මට්ටමේ හිටපු සභාපති ඩබ්.ජී. මිත්‍රරත්න මහතා ය. එතුමා මියගිය දිනයේ ද රාජ්‍ය නොවන සංවිධාන සුළු මූල්‍ය ජාලයේ සංවිධාන රැස්වීමට සහභාගී වී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි. එතුමාගේ අවසන් මෙහෙවර වූයේ ද මෙම සාකච්ඡාව බව විශේෂයෙන් සටහන් කරමි.